නැගෙනහිර මධ්‍යම අරාබි මුහුදු ප්‍රදේශයේ පවතින බිපර්ජෝයි චණ්ඩ කුණාටුව හේතුවෙන්අරාබි මුහුදේ ගැඹුරු මුහුදු ප්‍රදේශවල යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා උතුරු අක්ෂාංශ16-25 සහ නැගෙනහිර දේශාංශ 62-72 මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙනතුරු යාත්‍රා නොකරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

එසේම දැනට මෙම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පුද්ගලයින්ට වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයකට පැමිණෙන ලෙසද එමදෙපාර්තමේන්තුව දන්වා සිටී.

තවද ඉදිරියේදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ සම්බන්ධව නිකුත් කරන නිවේදන පිළිබඳව අවධානය යොමු කරන ලෙසද ධීවර හා නාවික ප්‍රජාවගෙන්එම දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කෙරේ.

ඉහත මුහුදු ප්‍රදේශ තුළ සුළඟේ වේගය පැයට කිලෝමීටර 140-150 අතර අගයක් ගන්නා බවත් විටින් විට එම වේගය පැයට කිලෝමීටර් 160 -170 දක්වාවැඩිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව දැනුම් දේ.එසේම එම මුහුදු ප්‍රදේශ රළු විය හැකි අතර තද වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවියහැකි බවත්කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page