සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී.ඩි. අබේරත්න අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හිටපු මන්ත්‍රිවරයාට අයත් බොරලුගොඩ ප්‍රදේශයේ ඉඩමකට අනවසරයෙන් පැමිණි පුද්ගලයින් පිරිසක් සමග ආරවුලක් ඇති කරගත් අවස්ථාවේ සිදුවු වෙඩි තැබීමක් සම්බන්ධයෙන් එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් හිටපු මන්ත්‍රිවරයා අද හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page