කම්කරු නීතිය වෙනස් කිරීම සම්බන්ධයෙන් සියලු පාර්ශව දැනුවත් කර අදහස් ලබාගත් බව කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.

ඒ අනුව සියලු වෘත්තීය සමිතිවලට, හාම්පුතුන්ගේ සංගම් ඇතුළු සියලු පාර්ශවවලට අදහස් ලබාදෙන ලෙස දැනුම්දුන් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

අවුරුදු ගණනාවක් පැරණි කම්කරු නීතිය වෙනස් කිරීමේ අරමුණ වූයේ රට වෙනස් කිරීමට අවශ්‍ය නිසා බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හෝ අනෙකුත් කම්කරු සංවිධානයක බලපෑමක් සිදු නොවූ බවද අමාත්‍යවරයා සඳහන් කළා.

කම්කරු නීතිය තවමත් සාදා අවසන් නොමැති බවත් ලබාගත් අදහස් මත එම නීතිය සෑදීම ආරම්භ කරන බවයි කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර වැඩිදුරටත් සඳහන් කළේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page