‘ජාතික භෞතික සැලසුම්කරණ ප්‍රතිපත්ති කෙටුම්පත – 2048’ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම ඊයේ (16) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් කෙටුම්පත ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.

ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් සියලුම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා ඊට අදාළ අනෙකුත් ආයතනවල ක්‍රියාත්මක වන විවිධ ව්‍යාපෘති හා වැඩසටහන් ඇතුළත් කර ‘ජාතික භෞතික සැලසුම්කරණ ප්‍රතිපත්ති කෙටුම්පත – 2048’ සකස් කර තිබේ.

අනතුරුව එය අන්තර් අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ කමිටුව විසින් නිර්දේශ කර ජනාධිපතිවරයාගේ සභාපතීත්වයෙන් යුත් ජාතික භෞතික සැලසුම් සභාවේ National Physical Planning Council (NPPC) අනුමැතිය සඳහා මෙලෙස ඉදිරිපත් කෙරිණි.

ජාතික භෞතික සැළසුම්කරණ සභාවේ සාමාජිකත්වය දරණ අමාත්‍යාංශවල අමාත්‍යවරුන්, පළාත් ආණ්ඩුකාරවරුන්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග යන මහත්වරු ඇතුලු ජාතික භෞතික සැළසුම්කරණ සභාව නියෝජනය කරන අමාත්‍යාංශ ලේකම්වරු හා රේඛීය ආයතන ප්‍රධානීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

PMD News
PMD News
PMD News
PMD News
PMD News
PMD News
PMD News
PMD News
PMD News

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page