සේවක අර්ථසාධක අරමුදලේ ආයෝජන ප්‍රතිලාභ වලින් අයකරන පොලිය 14 සිට 30 % දක්වා ඉහළ දැමීමට හැකියාව ලැබෙන දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත මේවන විට පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ

කතානායකවරයා කෙටුම්පතට අත්සන් තැබීමත් සමග 2023 සැප්තැම්බර් මස 8 වන දින සිට බලාත්මක වේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) ණය වැඩසටහන අනුව යමින් යෝජිත ණය ප්‍රශස්ථකරණ වැඩ සටහන සාර්ථක කර ගැනීම සඳහා එම කටයුතු ලබන 14 වැනිදා වන විට අවසන් කිරීම රජයේ ඉලක්කය වේ.

භාණ්ඩාගාර බැඳුම්කරවල අයෝජනය කර ඇති සේවක අර්ථ සාධක අරමුදලේ මුදල් සඳහා ඉදිරියේදී ගෙවන පොලිය 9% දක්වා අඩු කිරීමට හෝ එම අරමුදලේ ප්‍රතිලාභ වලින් අයකරන 14%ක පොලිය 30% දක්වා ඉහළ නැංවීමට මේ යටතේ යෝජනා කර තිබේ.

සේවක අර්ථ සාධක අරමුදලේ භාරකරු වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවයි. දැනට සේවක අර්ථ සාධක අරමුදලේ රුපියල් ට්‍රිලියන 3.4 ක් පමණ ඇත .

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page