ජනතාව අපහසුතාවට පත් වන පරිදි වැඩවර්ජන සිදු කිරිම තුලින් රටේ වෘත්තීය සමිති ව්‍යාපාරය කඩාවැටීමට ලක්වීය හැකි බව ජනාධිපති වෘත්තීය සමිති අධ්යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය පවසයි .
දුම්රිය වැඩවර්ජන කාලසිමාවෙදි තරුණ ජීවිතයක් අහිමිවීම තුලින් පෙනී යන්නේ , මෙම දුම්රිය වැඩවර්ජනය, බරපතල ප්රශ්නකාරී තත්වයකට පත්වි ඇති බවයි.
අද (13) කොළඹදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී සමන් රත්නප්‍රිය මහතා මෙම කරුණු අනාවරණය කරා.
ඔහු වැඩිදුරටත් සදහන් කලේ ….
මේ පිළිබඳව සාකච්ඡා කරන්න අද සවස 4 ට අග්‍රමාත්‍යතුමා සමග සාකච්ඡාවක් ලබා දී තිබෙනවා
එම සාකච්ඡාවට රාජ්‍ය සේවයේ බදවා ගැනීමේ කමිටුව, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ නියෝජිතයෙක්, මුදල් අමාත්‍යාංශයේ නියෝජිතයෙක්, ප්‍රවාහන අමාත්‍යාංශයේ නියෝජිතයෙක් ආදී වශයෙන් මේ සම්බන්ධයෙන් වගකීමක් ඇති ඉහල පෙලේ නිළධාරීන් සම්බන්ධ වෙනවා.
එසේ තිබියදී හදිසියේ වැඩවර්ජනයකට යාම පිළිගන්න පුළුවන් කාරණයක් නෙවේ.
අනිත් පැත්තෙන් මෙම වර්ජනයට සියයට හැත්තෑවක සහයෝගයක් නෑ. එක්තරා කණ්ඩායම උවමනාවක් පමනයි තියෙන්නේ. දුම්රිය සේවයේ අනෙකුත් වෘත්තීය සමිති වල සහයෝගයත් නෑ
ඒහෙම වැඩ වර්ජන පවත්වාගෙන යන්නේ කොහොමද ? පවත්වාගෙන යා යුතුද ?;යන්න මෙම කණ්ඩායම් නැවත කල්පනා කල යුතු වනවා.
මෙවැනි වැඩවර්ජන වලින් සිදුවන්නේ මේ රටේ වෘත්තීය සමිති ව්‍යාපාරය කඩාවැටීමට ලක්වීම. වෘත්තීය සමිති තිබෙන්නේ වැඩකරන ජනතාවගේ වෘත්තීය අයිතිවාසිකම් රැකගැනීම සදහා. එය රටේ නීතියෙන් සහ ජාත්‍යන්තර නීතියෙන් ස්ථාපිත කල දෙයක්.
දැනට වැඩවර්ජනයේ යෙදී සිටින පිරිස් ප්‍රවාහන අමාත්‍යවරයා මුනගැසුන නමුත් ඔවුන් අපේක්ෂිත විසඳුම් නොලැබුන නිසා මෙම වැඩවර්ජනය දිගටම කරගෙන යන බව ඔවුන් කියලා තිබුනා.
ඔවුන් ඉල්ලා සිටින උසස්වීම් සහ බදවා ගැනීමට අදාල අනෙකුත් ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කිරීම සදහා රජයේ සේවයේ අනෙකුත් සේවාවන් සමග ගැලපෙන ආකාරයට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය වැනි ආයතන සමග සාකච්ඡා කර ප්‍රතිපත්තිමය තීන්දුවක් ගතයුතුයි
අප දන්නවා අද රට තිබෙන තත්වය. ප්‍රවාහන, සෞඛ්‍ය, අධ්‍යාපන මේ කුමන කේෂත්රයක හෝ අපේක්ෂිත විසඳුම් ලබා ගැනීම දුෂ්කරයි. මොකද මේ රට වැටිලා තිබිලා වත්මන් ජනාධිපතිතුමාගේ කැපවීම සහ දක්ෂතාවය නිසා දැන් ටික ටික ගොඩ එන්නේ. ඒ නිසා මුල්‍යමය කරුණු සම්බන්ධයෙන් විසඳුම් ලබා දීම තරමක් දුෂ්කරයි.
නමුත් එම අයිතිවාසිකම් වෘත්තීය සිමිති විසින් සාධනීය ලෙස භාවිතා නොකිරීම මත රජයට ජනතාවගේ පැත්තෙන් කල්පනා කර තීරණ ගැනීමට සිදු වනවා. එය සමහර විට සේවකයන්ට දුක්ඛදායක ආරවුලකට මුලපුරන සිදුවීමක් වීමට ඉඩ තිබෙනවා. ඒ නිසා වෘත්තීය සමිති තීරණ ගන්නා විට මීට වඩා බුද්ධීයෙන් සිතා බලා කටයුතු කරන ලෙස මෙම සහෝදර කණ්ඩායම් වලන් ඉල්ලා සිටිනවා.
