පුත්තලම වනාතවිල්ලූව ප්‍රදේශයේ ඉඩම් අක්කර 214 ක් බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින බවට පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතාට චෝදනා එල්ල වෙයි.

පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී රජයේ නිලධාරීන් පෙන්වා දුන්නේ මෙම ඉඩම බදු පදනම මත ගෙන වසර 15 ක් පමණ කාලයක් තිස්සේ බදු නොගෙවා සිටින බවයි.

මේ ගැන වහා නීතිය ක්‍රියාත්මක කරන ලෙස කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී චින්තක මායාදුන්න මහතා රජයෙන් ඉල්ලා සිටි. මෙම භූමියේ තිබූ කෝටි ගණනක් වටිනා ලුණු මන්ත්‍රීවරයා විසින් දීර්ඝ කාලය පුරාම රැගෙන ඇති බවත් රජයට ගෙවිය යුතු වූ බදු මුදල නොගෙවා වංචා කර ඇති බවත් ඔහු සදහන් කරයි .

විදේශයක සිට ශ්‍රී ලංකාවට ගුවන් මාර්ගයෙන් නීති විරෝධී අන්දමින් රත‍්‍රන් ගෙන ඒම මත ගුවන් තොටුපලේදී අත්අඩංගුවට පත් වූයේ ද මෙම මන්ත්‍රීවරයායි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page