මත්ද්‍රව්‍ය උවදුර සහමුලින් මැඩලීම දැමීම සඳහා අදහස් හා යෝජනා යොමු කරන ලෙස පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ජනතාවගෙන් ඉල්ලා සිටී.

රට තුළ ශීඝ්‍ර ලෙස පැතිරෙමින් ඇති මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කොට මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක කළයුතු ක්‍රමවේද සම්බන්ධයෙන් අදහස් සහ යෝජනා ලබාදීමට මෙමඟින් මහජනතාවට අවස්ථාව ලබා දී ඇත.

ජුනි මස 08 වැනිදා කථානායකවරයා විසින් මේ සඳහා ක්‍රියාත්මක කළයුතු ක්‍රමවේද පිළිබඳ කරුණු සොයා බලා ඒ පිළිබඳ නිරීක්ෂණ හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තුව විශේෂ කාරක සභාවක් පත් කළේය.
අමාත්‍ය ටිරාන් අලස් මහතා සභාපතිත්වය දරන මෙම විශේෂ කාරක සභාව, කමිටු සාමාජික මන්ත්‍රීවරයන් 11 දෙනෙකුගෙන් සමන්විතය.

මෙම විශේෂ කාරක සභාවේ ලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු සහකාර මහලේකම් හංස අබේරත්න මහතා කටයුතු කරනු ලබයි.

මහජනතාවට යොමුකිරීමට තිබෙන අදහස් හා යෝජනා legis_com@parliament.lk යන විද්යුත් ලිපිනයට හෝ ලේකම්, පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ යන ලිපිනයට යොමු කළ හැකිය.

ඒ අනුව ජනතාවට 2023 ඔක්තෝබර් මස 12 වැනිදාට හෝ ඊට ප්‍රථම අදාළ යෝජනා හා අදහස් යොමු කළ හැකි බව සඳහන් වේ.

මේ සඳහා නියෝජන ලබාදෙන අයගෙන් වාචික සාක්ෂි ලබාගැනීමට කමිටුව අදහස් කරන විට ඔවුන් අදාළ ලිපි ලේඛන ද සමඟ කැඳවීමට නියමිතයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page