දේශපාලඥයන්ට, ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ සහ රජයේ විවිධ ආයතනවල ප්‍රධානීන්ට නිකුත් කෙරුණු නිල රථ 2000කට ආසන්න ගණනක් පවුලේ සාමාජිකයන්ගේ පෞද්ගලික පරිහරණය සඳහා යොදා ගෙන ඇතැයි බුද්ධි අංශ තොරතුරු වාර්තා සදහන් කරයි.
එලෙස පවුලේ සාමාජිකයන්ගේ පෞද්ගලික පරිහරණය සඳහා යොදා ගැනීම හේතුවෙන් රජයේ මුදල් විශාල ලෙස නිකරුණේ නාස්ති කරන බවත් ඇතැම් ප්‍රධානීන් සිය වාහන තමන් සේවය කරන ආයතනයට කුලී පදනම මත ලබාදී කුලිය ලබා ගන්නා බවද බුද්ධි අංශ තොරතුරු වාර්තා සදහන් කරයි.
දරුවන්ගේ පාසල් ගමන්, බිරින්දෑවරුන්ගේ ගමන් බිමන්, විනෝද ගමන් වැනි පෞද්ගලික කාර්යයන් සදහා රජයේ මෙම නිල රථ වැඩි වශයෙන් පාවිච්චි කරන බවත් එම ගමන් බිමන් සඳහා ආරක්ෂක අංශවල රියදුරන්ද යොදාගෙන තිබෙන බවද බුද්ධි අංශ තොරතුරු වාර්තා සදහන් කරයි.
