ආනයනය කර මෙරට වෙළඳ පොළේ අලෙවි කිරීමට ඇති බිත්තර සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සඳහන් කරයි.

දැනට ඉන්දියාවේ බිත්තර මිලියන සියයක් පමණ මෙරටට ගෙන්වා බෙදා හැර ඇති බවත් එම කිසිදු බිත්තරයක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් වී නැති බවද සංස්ථාවේ සභාපති අාසිරි වනිගසුන්දර මහතා පවසයි.

මෙරටට බිත්තර ආනයනය කරන්නේ ඉන්දියාවේ රසායනාගාර තුළදී සිදු කරන පරීක්ෂණවලින් පසුව බවද ආනයනය කල පසුද මෙරටදීත් පරීක්‍ෂණ කරන බවද හෙතෙම කියා සිටී.

කිසිදු සැකයක් ඇතිකර නොගන්නා ලෙස ද හෙතෙම පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටී.

ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරනු ලබන්නේ කෘතිමව නිෂ්පාදනය කරනු ලබන ඒ බවට සමාජ ජාලාවල එල්ල වන චෝදනා පිළිබඳව කළ විමසීමකදී ඔහු මේ බව කියා සිටියේය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page