මෙරට ජාතික උරුමයන් පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇතැයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ , විදෙස් තානාපති කාර්යාල හා සංචාරක සම්බන්ධීකරණ ආයතන සමග එක්ව එකී වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි.

ජාතික උරුම සංරක්ෂණය සහ ප්‍රවර්ධනය සඳහා නව ප්‍රවේශයක් ලෙස ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමේ විශේෂ ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කර තිබේ.

ඒ යටතේ මෙරට විවිධ ප්‍රදේශවල ස්ථාපිත ජාතික උරුමයන් හා සංස්කෘතිකාංග පිළිබඳ වීඩියෝ පට නිර්මාණය කර ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේ ය.

ඒ ජාත්‍යන්තරයට රැගෙන යාම, තානාපති කාර්යාල සහ සංචාරක සම්බන්ධීකරණ ආයතය හරහා සිදුවනු ඇත.

අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කළේ,මේ සංචාරක ආකර්ශනය වැඩිකර විදෙස් විනිමය උපයා ගැනීම වෙනුවෙන් එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page