ආසියානු කුසලාන අවසාන මහා තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ෂානක කාසියේ වාසිය ලබා ගැනිමෙන් පසු ගත් තීරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් විචාරක ආකාෂ් චොප්රා විවේචන ඒල්ල කරයි.

ඔහු පෙන්වා දෙන්නේ තරගය කාසියේ වාසිය දිනා ගැනීමෙන් පසු එදින පැවති කාලගුණික තත්වය අනුව මුලින්ම පන්දු යැවීම තෝරා ගත යුතුව තිබූණු බවයි.

වලාකුලු සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් පලමු පන්දුවාරවල පන්දුව බොහෝ දෝලනය වන බව ඔහු සඳහන් කරයි.

නමුත් කාසියේ වාසිය දිනා ශ‍්‍රී ලංකා නායකයා මුලින් පන්දුවට පහර දීමට ගත් තීරණය ගැන තමන් පුදුමයට පත්වූ බවයි.

ඉන්දියාවට මෙම තරඟය ජයග්‍රහණය කිරීමට මේ තරම් ලේසි වූයේ ශ්‍රී ලංකා නායකයා ගත්ත වැරදි තීරණය නිසා බවත් පවසන ලදි.

ඔහු එම තීරණ ගැනීම ගැන ඉන්දියාව දසුන් ශානකට ස්තුති වන්ත විය යුතු බවත් ඔහු සදහන් කරයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page