2023 වර්ෂයේ දෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකය පෙර වර්ෂයේ දෙවන කාර්තුවට සාපේක්ෂව සියයට 3.1 ක සෘණ වර්ධනයක් පෙන්නුම් කර ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සදහන් කරයි .
ඒ අනුව 2022 වර්ෂයේ දෙවන කාර්තුවේ ස්ථාවර මිල (2015) ගණන් යටතේ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රු. මිලියන 2,680,074 ලෙස වාර්තා වී තිබුණු අතර එය 2023 වර්ෂයේ දෙවන කාර්තුවේ දී රු මිලියන 2,597,441 ක් දක්වා අඩු වී ඇත.
2023 වර්ෂයේ දෙවන කාර්තුව සඳහා ජාතික ගිණුම් ඇස්තමේන්තු නිකුත් කරමින්, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මේ බව අනාවරණය කරයි.
