“අස්වැසුම” තවත් අදියරක් ලෙස ගිණුම් තහවුරු කරගත් ප්‍රතිලාභින් 113,713 ක් සදහා ජුලි මසට අදාළ රු. මි 709.5ක මුදල බැංකු වෙත මේ වනවිට බැර කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.
ඒ අනුව බැංකු මගින් ප්‍රතිලාභී ගිණුම් සදහා එම මුදල් බැර කරනු ලබන බවත්, ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටී.
ඒ අනුව ප්‍රතිලාභී පවුල් 1,162,245 කට අදාල රු. මි 7,278 මුදලක් ජූලි මසට අදාලව මේ වන විට රජය ගෙවා ඇත.
අභියාචනා හා විරෝධතා සම්බන්ධ සමීක්ෂණ කටයුතු අවසන් වූ පසු සියළු ප්‍රතිලාභීන්ට ගෙවීම් සිදු කරනු ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

