ඉන්දියාවේ සිදුව ඇති ත්‍රස්තවාදී ක්‍රියා හා අපරාධ රැසක් සම්බන්දයෙන් ඉන්දියාවට අත්‍යවශ්‍යව සිටි ත්‍රස්තවාදියෙක් ශ‍්‍රී ලංකාවේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු ඉන්දියාවට පිටුවහල් කිරීමට ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ කටයුතු කර ඇති අතර මීට වසරකට පමණ පෙර බංගලිදේශයේ දී ව්‍යාජ ගුවන් බලපත්‍රයක් යොදාගනිමින් ශ්‍රී ලංකාවට පැමිණ ව්‍යාපාරිකයෙකු ලෙස පෙනී සිටිමින් රහසිගතව කටයුතු කර තිබේ.
ඉන්දීය ආරක්ෂක අංශ හා ශ්‍රී ලංකා ආරක්ෂක අංශ ඒකාබද්ධව සිදුකරන ලද විශේෂ බුද්ධි මෙහෙයුමකින් පසු මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඉන්දීය ආරක්ෂක අංශ වෙත භාරදී ඇත.
