රට තුළ පැවැති ආර්ථික අර්බුදකාරී තත්ත්වය හමාර කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්ෂා කළ සීමාවන් ඉක්මවා උද්ධමනය ඉතා පහළ අගයකට ගෙන ඒමට රජයට හැකි වූ බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සදහන් කරයි.
කෙටිකාලීනව ජනතාවට පීඩනයක් ඇති වුවද, මෙරට සිදු කළ ප්‍රතිසංස්කරණ හමුවේ මෙම ස්ථාවරත්වය ළඟා කර ගැනීමට රජයට හැකි වු බවද ඔහු ප්‍රකාශ කලා .
අමාත්‍යවරයා මේ බව සදහන් කලේ , IMF වැඩසටහන හා රාජ්‍ය ආදායම් හා ආර්ථික ස්ථායිකරණ වැඩසටහනෙහි ප්‍රගතිය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සදහා අනුරාධපුරයේ දි පැවති සම්මන්ත්‍රණ මාලාවට එක් වෙමිනි.
අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් …
මහ බැංකුවේ මූල්‍ය කළමනාකරණය තුළින් රට තුළ පැවැති ඉහළ උද්ධමනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්ෂා කළ කාල සීමාවටත් පෙර අඩු අගයකට ගෙන ඒමට අපට හැකි වූවා.
රජය විසින් සිදුකළ ආර්ථික ප්‍රතිසංස්කරණය හේතුවෙන් මේ වන විට රාජ්‍ය ආදායම ඉහළට ඇවිත් තියනවා .
බදු ගෙවන ජනතාවට අසාධාරණයක් වන බැවින් ඩිජිටල්කරණය ශක්තිමත් කරමින් බදු ගෙවන ජාලය පුළුල් කිරීමට රජය කටයුතු කරනවා .
හාරසියක් පමණ වන මෙරට ඇති රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කර ඉන් ලාබ නොලබන කොටස ඒකාබද්ධ කිරීමට කටයුතු කරනවා.
රජය නැවත රාජ්‍ය ව්‍යාපාර ආරම්භ කිරීම සිදුකරන්නේ නැහැ.
මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් ශක්තිමත් කිරීම රජයේ අරමුණ .ඒ සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව සමග එක්ව කටයුතු කරනවා .
පාර්ලිමේන්තුවේ හා ඉන් පිටත ඇතැම් කණ්ඩායම් දේශපාලන වේදිකාවල අදහස් ප්‍රකාශ කළද වර්තමානය හා අනාගතය සුරක්ෂිත කිරීමට අවශ්‍ය පිළිගත හැකි වැඩසටහනක් ලබා දීමට කිසිදු පක්ෂයකට හැකිව නැහැ.
ජනාධිපති ලේකම් කාර්යාලය, මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය නියෝජනය කරමින් නිලධාරීන් විසින් දැනුවත් කිරීම සිදු කළ අතර මෙම අවස්ථාවට රාජ්‍ය නිලධාරින් , දේශපාලන නායකයින් , වෘත්තීයවේදීන් හා මාධ්‍යවේදීන් එක්ව සිටියා.
