රට තුල යළිත් ජාතිවාදී ගැටුම් ඇති කර සිය දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට ඇතැම් කණ්ඩායම් කටයුතු කරමින් සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය පවසයි.
තිස් වසරක යුද්ධයෙන් හා පාස්කු ප්‍රහාරයෙන් රට දේශපාලනික හා ආර්ථිකමය වශයෙන් කඩා වැටුණු වූ බවත් එම අඳුරු යුගය නිමා කරමින් යළි ගොඩනැගෙමින් සිටින රටට ජාතිවාදය අවශ්‍ය නොවන බවත් ඔහු තව දුරටත් සඳහන් කරන ලදී.
ඔහු මේ බව සඳහන් කලේ සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව අද කොළඹ දී සිදු කරන ලද මාධ්‍ය සාකච්ඡාවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමන් රත්නප්‍රිය….
රටේ විවිධ දේශපාලන කණ්ඩායම් සහ වෘත්තිය සමිති තම දේශපාලන අරමුණු ඉටුකර ඉටු කර ගැනීම වෙනුවෙන් විවිධ මැදිහත්වීම් සිදු කරමින් සිටිනවා.
චැනල් 4 සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුලත් ඇතැම් මැදිහත්වීම සිදු වනවා. ඇතැම් දේශපාලන කණ්ඩායම් මේ සම්බන්ධයෙන් විවිධ අදහස් ප්‍රකාශ කරනවා . චැනල් 4 සම්බන්ධව නිසි පරීක්ෂණ පවත්වන්න ආණ්ඩුව සූදානම් නැහැ කියන චෝදනාවත් ඔවුන් එල්ල කරනවා. එය පිළිගත නොහැකි කරුණක්. ජනාධිපතිවරයා මේ වන විටත් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න කමිටුවක් පත්කරලා තියෙනවා
ඕනම කෙනෙකුට තම අදහස් ප්‍රකාශ කරන්න අයිතිය තියෙනවා නමුත් මේ පිළිබඳව කරුණු සමාජගත කරද්දී සියලු දෙනා සිහිබුද්ධියෙන් කටයුතු කළ යුතුයි. කිසිදු කෙනෙකු මේ පිළිබඳ පරීක්ෂණ එපා කියලා නැහැ. ආරක්ෂක අංශයේ ඒ බව තහවුරු කරලා තියෙනවා. එවැනි තත්ත්වයක් තුළ විපක්ෂ කණ්ඩායම් අසත්‍ය ප්‍රකාශ සිදු කරනවා.
පාස්කු ප්‍රහාරයෙන් රටට විශාල හානියක් සිද්ධ වුණා. එය සිදු කළේ කවුරුන්ද යන්න සොයා බැලීම රටක් හැටියට කටයුතු කර තිබෙනවා. මෙවැනි දෙයක් නැවත සිදු නොවීමට කටයුතු කිරීමට අවශ්‍යයි . මේ වන විටත් වනවිටත් ජනාධිපති කොමිසන් සභා හා ජාත්‍යන්තර පරීක්ෂණ පවා පවත්වා තිබෙනවා. මේ සඳහා ජාත්‍යන්තර සහාය ලබා ගැනීමට කටයුතු කිරීම වැරැද්දක් හැටියට දකින්න බැහැ.
රට බංකොලොත් වී ඇති මෙවැනි අවස්ථාවක සියලූ දෙනාම එකතුවෙලා රට ගොඩගන්න වැඩපිළිවෙළක් සකස් කරනවා වෙනුවට කකුලෙන් ඇදීම රටට උචිත ක්‍රියාමාර්ගයක් නොවේ.
උද්ඝෝෂණ ක්‍රියාත්මක වීම මේ රටේ සාමාන්‍ය දෙයක්.රජයේ වැටුප් වැඩිවීම නම් හෝ දීමනා වැඩි කිරීමක් සිදුකළ හොත් ඒ වෘත්තිය සමිති ක්‍රියාමාර්ග නිසා සිදුවූවක් බව ඒත්තු ගන්වන්නට ඔවුන් උත්සාහ කරනවා. බොරු බිල්ලෝ මවලා ජනතාව උසි ගන්වන්න එපා කියලා වුර්තිය සමිති වලට කියනවා. ඒවා රටට උචිත නැහැ.
විපක්ෂ නායක වරයා ප්‍රායෝගික නොවන පළාත් පාලන මැතිවරණයක් ඉල්ලා ජනතාව පාරට බස්සන්න උත්සාහ කලා.
මිලියන විසි දෙකක් වූ ජනතාවගෙන් 2500 යි පාරට බැස්සේ. මේ රටේ ජනතාව නිහඬව ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ අනුමත කරනවා. ඒ නිසා මේ රටේ වත්මන් තත්වය අවබෝධ කරගෙන කටයුතු කරන ලෙස විපක්ෂයට සහ සියලු වෘත්තීය සමිති වලට මම කියන්න කැමති.
