ආණ්ඩුව විවිධ අණපනත් ගෙන එමින් රජයට හිතකර නොවන මත පාලනය කිරිමට උත්සාහ කරන බව නිදහස ජනතාව සභාවේ ජි එල් පිරිස් මහතා සදහන් කරයි .

ඔහු මේ බව සඳහන් කළේ අද පෙරවරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් ය.

මාර්ගස්ථ ක්‍රම සුරක්ෂිතභාවය පිළිබඳ පනත මෑත කාලයේ දී රජය විසින් ඉදිරිපත් කරන අතිශයින්ම භයානක පනත වන බව ජි එල් පීරිස් ඒහිදි පෙන්වා දුන්නා.

ඔහු තවදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ….

ආණ්ඩුව අද කාටත් වඩා බය මේ රටේ ජනතාවටයි . ඒ නිසා තමයි දිගින් දිගටම මැතිවරණ කල් දමන්නේ .

පළාත් සභා මැතිවරණය අවුරුදු හතරහා මාරක් කල් දැම්මා. පළාත් පාලන ආයතන මැතිවරණය තියන්න තිබුණේ 2023 මාර්තු 19 ට ඉස්සල්ලා . ඒ මැතිවරණයත් කල් දැම්මා.

ආණ්ඩුව දන්නවා මැතිවරණය තිබ්බොත් අන්ත පරාජයට පත්වන බව. නමුත් ලබන අවුරුද්දේ එනවා කිසිසේත්ම කල් දාන්න බැරි මැතිවරණයක් .ඒ ජනාධිපතිවරණය.

තව දවස් 355 ක කාලයක් ඇතුළත කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ජනාධිපතිවරණයක් තියන්න රජයට සිදු වෙනවා. ඒ නිසා තමයි මේ මේ පනත් ගෙන එන්නේ.

ප්‍රතිත්‍රස්ත පනත ,ඔන්ලයින් ආරක්ෂක පනත,

ඉතාමත් පැහැදිලියි ජනාධිපතිවරණය පවත්වන්න ආසන්න කාලයක රජයට හිතකර නොවන මත පාලනය කිරීමට මේ පනත් ගෙන එන බව.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page