වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ පරිගණක පද්ධතියේ යාවත්කාලීන කිරීමක් හේතුවෙන් බස්නාහිර පළාත තුල ආදායම බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නැවැත්වීමට පියවර ගන්නා බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි .
ඒ අනුව ලබන 27 වැනිදා සිට ඔක්තෝබර් 02 වැනිදා දක්වා වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවනු ඇති බව සදහන් කරයි .
සැප්තැම්බර් 26 වැනිදා ට කල් ඉකුත්වන වාහන ආදායම් බලපත්‍ර ඔක්තෝබර් මස 10 වැනිදා දක්වා දඩ මුදල් ගෙවීමකින් තොරව ලබාගැනීමට හැකියාව පවතින බවත් ඔවුන් නිකුත් කළ නිවේදනයේ සදහන් කරයි .
ඒසෙම මාර්ගගත ක්‍රමය යටතේ වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීම ද සැප්තැම්බර් මස 24 මධ්‍යම රාත්‍රියේ සිට ඔක්තෝබර් මස 06 වනදා දක්වා තාවකාලිකව අත්හිටුවා ඇති බවද නිවෙදනය කරයි
