රාජ්‍ය ආදායම් ඉලක්කවෙත ලගාවීමට ආණ්ඩුව අපොහොසත්ව ඇති පසුබිමක අයි.එම්.එෆ්. විසින් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත දෙවැනි වාරිකය මුදාහැරීම අත්හිටුවා ඇති බවත් ප්‍රේමදාස මහතා කියා සිටියා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ, “සක්වල” වැඩසටහන යටතේ 79 වැනි බස්රථය (28) අක්කරේපත්තුව ශ්‍රී රාමක්‍රිෂ්ණන් විද්‍යාලයට පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් මෙලෙස අදහස් දැක්වූවා…

“බදු ගැසීමෙන්ම පමණක් රාජ්‍ය ආදායම වැඩි කරන්න බැහැ. ඒ සඳහා රටතුළ ආදායම් උත්පාදනය කළ යුතුයි. එහෙත් වර්ථමාන ආණ්ඩුව සිදුකරන්නේ ආර්ථිකය හකුළුවමින්, ජනතාවගේ සුළු, සුළු ප්‍රශ්ණවලට තාවකාලික විසඳුම් සොයන එක.

අද වනවිට රෝහල්වල බෙහෙත් නෑ, වෛද්‍යවරු නෑ, දරුවන්ට ඉගෙන ගන්න පොත්පත් නෑ, ගුරුවරු නෑ, ජනතාවට තුන්වේලා කන්න නෑ, කුඩා දරුවන් සහ ගැබිණි මව්වරුන් බහුතරයක් අද මන්දපෝෂණ මට්ටමට පත්වෙලා. සියයට 65 ක් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙනවා.

මේ වගේ රටේ බරපතල ප්‍රශ්ණ තිබුනත් මැති, ඇමතිවරුන්ගේ රට සවාරිවල අඩුවකුත් නෑ. ඒ වගේම තවමත් ගජමිතුරන් සතුටු කිරීම තමයි මේ ආණ්ඩුව කරන්නේ. මත්පැන් සමාගම් දෙකකට රුපියල් බිලියන 1.7ක බදු සහන දීමෙන්ම ඒ බව තහවුරු වෙනවා. මේ ක්‍රමය වෙනස් කළ යුතුමයි. ඒ නිසයි අපි මැතිවරණයක් ඉල්ලන්නේ

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page