නිසි අවසරයකින් තොරව අවාරයේ ශ්‍රී පාදස්ථානය වන්දන කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ පවසනවා.

2022-2023 ශ්‍රි පාද වන්දනා සමය අවසන් වීමත් සමඟ ශ්‍රි පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන්ගේ උපදෙස් පරිදි අවාරයේ ශ්‍රී පාදස්ථානය හැටන් මාර්ගය ඔස්සේ සහ රත්නපුර මාර්ගය ඔස්සේ අවසරයකින් තොරව කරුණා කිරීම සම්පූරණයෙන්ම තහනම් කර ඇත .

කෙසේ වෙතත් ශ්‍රී පාදස්ථානය කරුණා කිරීමට ශ්‍රී පාදස්ථානාධිපති හිමියන් විසින් අවසර ලබා දී ඇති බවට පළ වූ ඇතැම් වාර්තා අසත්‍ය බවයි දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කරයි

අවාරයේ ශ්‍රී පාදස්ථානය කරුණා කිරීමේ දී අදාළ ආයතනවලින් අවසර ලබාගෙන ඒ පිළිබදව නල්ලතන්නිය සහ රත්නපුර පොලිස් ස්ථාන දැනුවත් කර අවාරයේ ශ්‍රී පාදස්ථානය කරුණා කිරීමට අවස්ථාව ලැබෙන බවද ඔහු සදහන්

එසේ අවසරයකින් තොරව ශ්‍රී පාදස්ථානය කරුණා කිරීමට අවසර ලබානොදෙන ලෙසට නල්ලතන්නිය සහ රත්නපුර පොලීසිය දැනුවත් කර ඇති බව ද දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page