2030 වසර වන විට ශ්‍රී ලංකා යුද හමුදාව ලක්ෂයක් දක්වා හරි අඩකින් අඩු කිරීමට සැලසුම් කර ඇති බව වැඩබලන ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සදහන් කරයි .

යුද හමුදාවේ අනුමත කාර්ය මණ්ඩලය මේ වන විට දෙලක්ෂය ඉක්මවා ඇති බව සඳහන් කරන වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා 2030 වන විට යුද හමුදා සාමාජිකයන් ගණන ලක්ෂය පමණ දක්වා අඩුකිරීමට රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇති බව පවසයි .

ඒ පිළිබඳව සමාලෝචනයක් කිරීම සඳහා විශ්‍රාමික මේජර් ජෙනරාල්වරකුගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් ද ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබ ඇති බව ඔහු සදහන් කරයි .

දෙලක්ෂය ඉක්මවන යුධ හමුදා සාමාජික සංඛ්‍යාව ලක්ෂය පමණ දක්වා අඩුකර, යුද හමුදාව තාක්ෂණික හා උපායශීලී හමුදාවක් බවට පත් කිරීමයි රජයේ සැලසුම වී ඇත.

මීට සමගාමීව නාවික හමුදාව හා ගුවන් හමුදාවේ සාමාජිකයන් සංඛ්‍යාව ද අඩු කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page