ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පසුගිය වසර 8 ක කාලය තුල රුපියල් බිලියන 245.ක පාඩුවක් ලබා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවෙන් වාර්තා වේ.

ඒ අනුව, 2015 සිට 2022 දක්වා කාලය තුළ වියදම් කර ඇති සම්පූර්ණ මුදල රුපියල් බිලියන 297 ක් වන අතර ආදායම වශයෙන් උපයා ගෙන ඇත්තේ රුපියල් බිලියන 52. කි.

ඒ අනුව, 2015 සිට 2022 දක්වා කාලය තුළ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 245 ක පාඩුවක් ලබා ඇති බව සදහන් වෙ.

දුම්රිය දෙපාර්තමේන්තුව ඉකුත් 2021 වසරේදී වාර්තා කළ සමස්ත වියදම රුපියල් බිලියන 40.41ක් වූ අතර 2022 වසරේදී එම වියදම රුපියල් බිලියන 42.53ක් දක්වා එනම් රුපියල් බිලියන 2.12ක් එක් වර්ෂයක් තුළ වැඩි වී ඇති බව ඔහු සඳහන් කළේ ය.

ඔහුට අනුව පසුගිය අට වසර තුළදී දුම්රිය දෙපාර්තමේන්තුව ලබා ඇති ආදායමට සාපේක්ෂව මුළු වියදම ශීඝ්‍ර ලෙස වර්ධනය වී ඇති බවත් එම තොරතුරු ගිණුම් තොරතුරු පරිශීලනය කිරීමේදී පැහැදිලි වන බව ත් ඔහු පැවසීය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page