2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (ඔක්තෝම්බර් 5) පැවති ප්‍රථම තරගයෙන් එංගලන්තය පරදා නවසීලන්තය කඩුළු 9 ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනිමට සමත් විය.
කාසිය වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට එංගලන්ත කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් පන්දුවාර 50 තුලදී කඩුලු 9 ක් දැවී ලකුණු 282 ක් රැස් කිරීමට සමත් විය.
එහි දී එංගලන්තය වෙනුවෙන් ජෝ රූට් පන්දු 86 කදි ලකුණු 77 ක් සහ ජොස් බට්ලර් පන්දු 42 කදි ලකුණු 48 ලබා ගන්නා ලදි.
පන්දු යැවීමේදී මැට් හනි කඩුලු 3 සහ ග්ලේන් පිලිප්ස් සහ මිචල් ස්ටාක් කඩුලු 2 බැගින් දවා ගන්නා අදි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කල නවසිලන්ත කණ්ඩායම පන්දුවාර 36.2 කදී කඩුලු 1 ක් පමණක් දැවි ලකුණු 283 ක් රැස්කරමින් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම ජයග්‍රහණය ලබා ගන්නා ලදී
නවසීලන්ත වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා ඩෙවන් කොන්වේ නොදැවී ලකුණු 152 (121) සහ රචින් රවින්ද්‍ර නොදැවී ලකුණු 123 ( 96) රැස් කිරීමට සමත් විය .
තරගාවලියේ වීරයා ලෙස සචින් රවින්ද්‍ර නම් කල අතර තරගය ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනයයෙදි පැවැත් විය .
