චීනයේදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 800 කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට තරුෂි කරුණාරත්න අද (4) පස්වරුවේ සමත් වූවාය.
දමයන්ති දර්ශා විසින් ලබා ගත් රන් පදක්කමට පසු ශ්‍රී ලංකාව ආසියානු ක්‍රීඩා උළෙලදී වසර 21 කට පසුව දිනාගත් රන් පදක්කම මෙය වීම කැපී පෙනේ.
තරුෂි මිනිත්තු 2.03:20 ක කාලයකින් තරගය අවසන් කිරීමට සමත් වූවාය. එම ඉසව්වේ රිදී පදක්කම ඉන්දියාවට ද, ලෝකඩ පදක්කම චීනයට ද, හිමිවිය.
