දුම්රිය උප නියාමකවරයකු හා දුම්රිය ආරක්ෂක හමුදාවේ සැරයන්වරයකු අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් දුම්රිය ආරක්ෂක හමුදා සැරයන්වරයාගේ වැඩ තහනම් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි
දුම්වැටියක් පානය කරමින් දෙමටගොඩ ප්‍රධාන ඉංජිනේරු ධාවනාගාර මූලස්ථානයට ඇතුළු වී දුම්රිය උප නියාමකවරයෙකු සහ දුම්රිය ආරක්ෂක හමුදාවේ සැරයන්වරයෙකු අතර ඇති වූ බහින් බස් වීමකින් දුරදිග යාමෙන් මෙම ගැටුම සිදුවිය .
දෙමටගොඩ දුම්රිය ප්‍රධාන ඉංජීනේරු ධාවනාගාරය ආසන්නයේදී ඊයෙ මෙම ගැටුම ඇති වි ඇති අතර ඔවුන් දෙදෙනාම තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි දෙමටගොඩ පොලිසිය පවසයි.
සාමාන්‍ය ඇඳුමෙන් සැරසුණු පුද්ගලයෙකු දුම්වැටියක් පානය කරමින්ධාවන බලාගාරය තුළ ගමන් කරන අයුරු දුටුප්‍රධාන දොරටුවේ ආරක්ෂක රාජකාරි භාරව සිටි දුම්රිය ආරක්ෂක හමුදාවේ සැරයන් වරයාදුම්වැටිය පානය නොකරන ලෙස එම පුද්ගලයාට දැනුම් දී අනන්‍යතාවය හෙළි කර ගැනීම සඳහා හැඳුනුම්පත ඉල්ලා ඇති අවස්ථාවේ දුම්වැටි දුම්වැටියක් පානය කරමින් සිටියේ යැයි කියන පුද්ගලයා තමා දුම්රිය උප නියාමකවරයෙකු බව පවසා හැඳුනුම් පතෙන් දුම්රිය ආරක්ෂක හමුදාවේ සැරයන්වරයාගේ මුහුණට දමා ගසා ඇති බව වාර්තා වේ.
දුම්රිය ආරක්ෂක හමුදාවේ සැරයෙන්වරයාට පහරදෙනවා දුටු සේවකයින් කිහිප දෙනෙකු වහා එහි පැමිණසැරයෙන් වරයාට පහරදුන් පුද්ගලයා අල්ලා ඔහුට ද පහර දී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ එම එම උසස් නිලධාරියා වැඩිදුරටත් කීය.
මෙම සිද්ධියට අදාළ රූප රාමු ඒ අසල සවිකර ඇති සීසීටීවී කැමරාපරීක්ෂාකර බැලීමේදී ද දක්නට ලැබිණි යෑයි දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
දුම්රිය ආරක්ෂක හමුදාවේ සැරයන්වරයා ට පහර දුන්නේ යැයි කියන උප නියාමකවරයා ඒ අවස්ථාවේඔහුට නියමිත නිල ඇඳුමෙන් සැරසී සිට නොමැති බවද දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වලින් දැන ගැනීමට ඇත. පහරකෑමට ලක්වූ මෙම දුම්රිය උප නියාමකවරයා මෑතකදී සේවයට එක් වූ අයෙක් බවද පැවසේ.
