මේ වන විට දිවයින පුරා පවතින අධික වර්ෂාව සහිත අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස නවයකට නාය යෑම් අනතුරු ඇඟවීම් රතු නිවේදනය නිකුත් කර ඇත .

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සදහන් කරන පරිදි ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල කොටුව, යක්කලමුල්ල, ඇල්පිටිය සහ නාගොඩ, කළුතර දිස්ත්‍රික්කයේ මතුගම වලල්ලාවිට, සහ ඉංගිරිය , මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර, සහ රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස නවය සඳහා මෙම නාය යෑමේ රතු නිවේදන නිකුත් කරයි .

මෙම ප්‍රදේශවලට පසුගිය පැය 24 ක කාලය තුල මිලි මීටර් 150 කට වැඩි වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් තව දුරටත් වැසි පවතීනම් නායයෑමේ අධි අවදානම් බැවින් ආරක්ෂිත ස්ථානයකට යන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවට උපදෙස් ලබා දෙයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page