ඉදිරි මහ කන්නයට අවශ්‍ය යූරියා පොහොර මෙට්‍රික් ටොන් 21,000ක් හෙට සිට වහාම බෙදාහැරීමට පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා රජයට අයත් පොහොර සමාගම්වලට දැනුම් දි ඇත .

ඒ අනුව මෙවර මහ කන්නයේ දී හිඟයකින් තොරව කලට වේලාවට පොහොර ලබා දීම සඳහා රජයට අයත් පොහොර සමාගම් දෙක හා පුද්ගලික අංශය මගින් කටයුතු යොදා තිබෙනව අමාත්‍යවරයා සදහන් කරයි .

යූරියා පොහොර මෙට්‍රික් ටොන් 21,000ක් හෙට සිට (09) බෙදා හැරීමටයි ලංකා පොහොර සමාගම සහ කොළඹ කොමර්ෂල් පොහොර සමාගම් විසින් කටයුතු ආරම්භ කර ඇත .

එම පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙතින් මිල දී ගැනීමට හැකි අතර කිලෝ 50ක යුරියා පොහොර මිටියක් රුපියල් 9000ක මුදලට අලෙවි කිරීමට නියමිත බව කොමර්ශල් පොහොර සමාගම සහ ලංකා පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා සඳහන් කළා.

එමෙන්ම ගොවීන්ගේ අභිමතය පරිදි රසායනික පොහොර හෝ කාබනික පොහොර මිල දී ගැනීම සඳහා වී වගා කරන සෑම ගොවියෙකුටම හෙක්ටයාර් එකකට රුපියල් 15,000ක මුදලක් බැගින් ලබා දීමට රජය පියවර ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා.

වී වගාවට මෙන්ම එළවළු ඇතුළු අනෙකුත් වගාවන් සඳහා ද යූරියා ඇතුළු අනෙකුත් පොහොර සැපයීමට ප්‍රමුඛත්වය ලබා දෙන ලෙසටයි කෘෂිකර්ම අමාත්‍යවරයා රජයට අයත් පොහොර සමාගම්වලට උපදෙස් දී ඇත.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page