අද (8) අළුයම බදුල්ල – කොළඹ මහා මාර්ගයේ 5 හේ කනුව ප්‍රදේශයේදී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට විසිවි අඩි 70 පමණ පහලින් පිහිටි බදුලුඔයට වැටී ඇත .
මෙම මෝටර් රථය පැදවූ රියදුරාට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇති අතර එම අවස්ථාවේ රථය තුළ රියදුරු පමණක් ගමන්කර ඇති බවත් ඔහු නිරුපද්‍රිතව සිටිනා බවත් අප වාර්තාකරු සඳහන් කරයි.
මේ පිළිබඳව වැඩිදුර විමර්ශන හාලිඇල පොලිසිය විසින් සිදුකරනු ලබයි.
