2023 වසරේ මුල් මාස 09 තුළ මෙරටට ලැබුණු විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඇ.ඩො. මිලියන 4345.1 ක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සදහන් කරයි .

ඒය 2022 වසරේ ඒම කාලය තුල ලැබුණු විදේශ ප්‍රේෂණ සමග සලකා බලන විට සියයට 68.8 ක වර්ධනයක් බව අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරයි .

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ට්වීටර් පණිවිඩියක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ මෙම වසරේ මුල් මාස 09 තුළ විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඇ.ඩො. මිලියන 4345.1 ක් ලෙස දැක්වෙන අතර 2022 වසරේ දී එම කාලය තුළ ප්‍රේෂණ ප්‍රමාණය දැක්වුණේ ඇ.ඩො. මිලියන 2574.7ක් ලෙසින් බවයි .

මෙම වසරේ සැප්තැම්බර් මාසය තුළ පමණක් ඇ.ඩො. මිලියන 482.4ක ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබී ඇති අතර ඉකුත් වසරේ සැප්තැම්බර් මාසය තුළ එම අගය දැක් වුණේ ඇ.ඩො. මිලියන 359.3ක් ලෙසිනි.

මෙම වැඩිවීම විදේශ විනිමය සංචිත ශක්තිමත් කිරීමට සහ විනිමය අනුපාතිකය ස්ථාවර කිරීමට උපකාරී වන අතර වෙළෙඳ හිඟය පියවා ගැනීමට සහ වේගවත් ප්‍රකෘතිමත් වීම සඳහා ගෙවුම් ශේෂය ශක්තිමත් කිරීමට සේ ම ආර්ථික වර්ධනයට හේතු වනු ඇතැයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page