අද (10) සිට ඉන්දියාවේ තමිල්නාඩු හි නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවය ආරම්භ කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි
එහි දුර නාවික සැතපුම් 60 ක් වන අතර එක් ගමන්වාරයක් සඳහා ප්‍රවේශපත්‍රයක මිල ඉන්දීය රුපියල් 7500ත් 8000ත් අතර පමණ වන බව සඳහන් වෙනවා.
එසේම ඉන්දීය මාධ්‍ය සඳහන් කරන්නේ, එම මුදල ගෙවා ප්‍රවේශපත්‍රයක් ලබාගන්නා අයෙකුට කිලෝ 40ක භාණ්ඩ ප්‍රමාණයක් රැගෙන යාමේ අවස්ථාව ද හිමිවන බවයි.
මෙම එක් ගමන්වාරයක් සඳහා පැය 3ක කාලයක් ගතවන බව සඳහන් ය. මෙලෙස ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර බෝට්ටු සේවයක් ආරම්භ කරන්නේ වසර 40කට පසුවය.මීට අදාළ පෙරහුරුවක් පසුගියදා සිදුකළ බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දියාවට යාමට අපේක්ෂා කරන අයෙකුට හෝ ඉන්දියාවේ සිට මෙරටට පැමිණීමට අපේක්ෂා කරන අයෙකුට ඊට අදාළ සාමාන්‍ය නීත්‍යානුකූල ලියකියවිලි (වීසා, ගමන් බලපත්‍ර) අවශ්‍යතා සපුරාලීමෙන් අනතුරුව මෙම සංචාරයට එක්වීමේ අවස්ථාව හිමිවෙයි.
