ලෝක බැංකු විධායක අධ්‍යක්ෂ පරමේෂ්වරන් අයියර් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF ) විධායක අධ්‍යක්ෂ කේ. සුබ්‍රමනියන් සමග මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මොරොක්කෝවේ දී සාකච්ඡා වට දෙකක් සිදු කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික සමුළුවට සහභාගී වීම සඳහා මුදල් අමාත්‍යවරයා මේ වන විට මොරොක්කෝවේ රැඳි සිටි.

එහි දී ශ්‍රී ලංකාවට සහය දක්වන වැඩසටහන් පිළිබඳව කරුණු සාකච්ඡා වූ බවයි සේමසිංහ මහතා කියා සිටියේ. ලෝක බැංකුව මෙරට ආර්ථික ස්ථාවරත්වයට හා ප්‍රතිසංස්කරණ සාර්ථක කරගැනීමට ලබා දෙන සහයෝගය පිළිබඳ සිය කෘතඥතාව පළ කළ බව අමාත්‍යවරයා පවසයි

මේ අතර රාජ්‍ය අමාත්‍යවරයා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ කේ. සුබ්‍රමනියන් මහතා අතර හමුවේ දි ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ප්‍රගතිය සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකය මුහුණ දෙන අභියෝග ඇතුළු වත්මන් ආර්ථික තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා කෙරිණි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ 2023 වාර්ෂික රැස්වීම ඊයේ (9) වන දා මොරොක්කෝවේ දී ආරම්භ විය. මෙම සතිය තුළ ආර්ථික ස්ථාවරත්වය ශක්තිමත් කිරීමට සහ තිරසාර ආර්ථික වර්ධනයක් ළගා කරගැනීම සඳහා අපගේ සියලුම හවුල්කරුවන් මුණගැසීමට බලාපොරොත්තු බව සේමසිංහ මහතා වැඩි දුරටත් පැවැසීය.

මොරොක්කෝවේ මරකේච් හිදී ලබන 15 දක්වා පැවැත්වෙන සමුළුව සඳහා මහබැංකු අධිපති ආචාර්‍ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන ඇතුළු නිලධාරීහු සහභාගී වී සිටිති

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page