ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රථම නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්‍ෂිකා ගීතා ගෝපිනාත් මහත්මිය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අතර හමුවක් සිදු විය.

එම හමුවෙදී ඇය ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය අගය කළ අතර, ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීමට ශ්‍රී ලංකාවේ දරණ ප්‍රයත්නයන් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පූර්ණ සහයෝගය සහතික කළේ ය.

දූෂණ විරෝධී ක්‍රියාමාර්ග හා පිළිගත් පාලන ක්‍රමවේදයන් හදුනවාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දැනට කරගෙන යන වැඩ කටයුතු පිළිබඳව ද එහි දී අවධානය යොමු විය .

එක්සත් ජනපද භාණ්ඩාගාරයේ නියෝජ්‍ය සහකාර ලේකම් රොබට් කප්‍රෝත් මහතා සහ සේමසිංහ මහතා අතර ද හමුවක් පැවැත්විණි. ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන ආර්ථික ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය සහ යහපාලනය තහවුරු කිරීම සඳහා ගෙන ඇති මෑතකාලීන පියවර පිළිබඳව එහි දී සාකච්ඡා විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව අවධානය යොමු කළ අතර තවදුරටත් සාකච්ඡා කළ
අතර එක්සත් ජනපද රජය ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය දෙන බවට සහතික වීම සතුටට කරුණක් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page