2018 වර්ෂයේ දි හෙද පුහුණුව සදහා බඳවාගත් සියල්ලට පත්වීම් ලබා දීමට මහ භාණ්ඩාගාරය එකඟතාව පල කල බව රජයේ හෙද නිළධාරීන්ගේ සංගමයේ සභාපති ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය පවසයි.
2018 වසරේදී හෙද පුහුණුවට 2518 ක් බඳවාගෙන පුහුණුව ලබා දුන්නත් රටේ පවතින මුල්‍ය අස්ථාවරත්වය ඇතුළු කරුනු නිසා 1000 ට පමනක් පත්වීම් ලබා දීමට තීරණය කර තිබුණු බවත් ඔහු සඳහන් කළා.
අද උදෑසන මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සදහන් කලේ ….
හෙද සිසු සිසුවියන්ගේ සහ දෙමාපියන්ගේ ඉල්ලීම මත රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය මැදිහත් වී මුදල් අමාත්‍යාංශයට, සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ ජනාධිපතිතුමාට මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කලා.
ඒ ඉල්ලීම සලකා බලා 2018 දී හෙද පුහුණුව සදහා බඳවාගත් සියළු දෙනාට පත්වීම් ලබා දීමට මහාභාණ්ඩාගාරයේ එකඟතාව ලබා දුන්නා. දැනට රට පුරා පිහිටි රෝහල් වල හෙද සේවයේ පුරප්පාඩු විශාල ප්‍රමාණයක් පවතිනවා .හෙදියන් විදේශගතවීම මත පුරප්පාඩු 1500 ක් පමන අද නිර්මාණය වී තිබෙනවා .
වාර්ෂික ස්ථානමාරු ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට නොහැකි තත්ත්වය අද හෙද සේවයට උදාවෙලා .මේ වන විට ස්ථාන මාරු වීම් බලාපොරොත්තුවෙන් සිටින හෙද නිළධාරීන් දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා.
නව බඳවා ගැනීම් නිසා රෝහල් වල පවතින කාර්ය මණ්ඩල හිඟයට පිළියමක් ලැබෙනවා. ස්ථාන මාරු ක්‍රමවේදය නිසි ලෙස ක්‍රියාත්මක කරන්නට හැකි වෙනවා .
මෙම වසරේ හෙද පුහුණුව සදහා 6500 ක පිරිසක් අළුතෙන් බඳවා ගැනීමට රජය තීරණය කරා.එහි පළමු කණ්ඩායම වශයෙන් සිසුන් 3400 ක පිරිසක් පසුගිය ජුලි 10 දින බදවා ගනු ලැබුවා.
හෙද සේවයට නව Passport එකතුවීම දැනට විදෙස් ගතවීම සදහා සූදානමින් සිටින හෙද හෙදියන්ට හොද අවස්ථාවක්.වෙනවා.
