ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (12) පැවති තරගයේ දි ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කරමින් දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 134 ක විශිෂ්ට ජයක් ලබා ගැනිමට සමත් විය.
මෙම ජයග්‍රහණයත් සමග දකුණු අප්‍රිකානු කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට පැමිණියා .
අද පැවති තරගයෙ කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියානු කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට දකුණු අප්‍රිකානු කණ්ඩායමට ආරාධනා කල අතර දකුණු අප්‍රිකාව පන්දු වාර 50 තුලදී කඩුලු 7 ට ලකුණු 311 ලබා ගැනීමට සමත් විය .
ඒහිදි කුවින්ටන් ඩී කොක් 109, රෙසල් වෑන්ඩර් ඩුසේන් 26, ඒඩන් මක්‍රම් 56, හෙන්රිච් ක්ලාසීන් 29, මාකෝ ජැන්සන් 26, මිචෙල් ස්ටාක් 53/2, ග්ලේන් මැක්ස්වෙල් 34/2 ක් ලෙස ද
පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දු වාර 40.5 කදී සියලු දෙනා දැවී ලබා ගනු ලැබූවේ ලකුණු 177 ක් පමණි .
(ස්ටීව් ස්මිත් 19, මානස් ලැබුෂේන් 46, පැට් කමින්ස් 22, මිචෙල් ස්ටාක් 27, කාගිසො රබාඩා 33/3 මාක ජැන්සන් 54/2 කේෂාව් මහරාජ් 30/2)
තරගයෙ විරයා ලෙස දකුණු අප්‍රිකාව වෙනුවෙන් ලකුණු 109 ලබාගත් ක්වින්ටන් ඩී කොක් දිනා ගන්නා ලදී .
