ඉමදූව නාය ගිය ස්ථානය නිරීක්ෂණය කිරීම සඳහා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඊයේ (12) පෙරවරුවේ පැමිණ ඇත .
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව සහ ඉමදූව අතර මාර්ගයට පෙරේදා රාත්‍රියේ පස් කන්දක් කඩාවැටීමෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා එල්ල වු අතර අඛණ්ඩව ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී තිබුණි .
අධිවේගී මාර්ගයට පස් කන්දක් කඩා වැටිමටත් සමග ගමනාගමනයට බාධා ඇති වූ ස්ථානය රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් මහතා නීරික්ෂනය කල අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ගේ විශේෂඥ දැනුම යොදාගනිමින් අධිවේගී මාර්ගය වාහන ගමනාගමනයට සුදුසු පරිදි සකස් කිරීමට කඩිනමි පියවර ගන්නා ලෙස ද යුද හමුදා නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේය.
විපතට පත් ප්‍රජාවන්ට සහන සැලසීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද රාජ්‍ය අමාත්‍යවරයා ආපදා කළමනාකරණ නිලධාරීන්හටද උපදෙස් ලබා දෙන ලදි.
යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතා සහ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් කිහිප දෙනෙකු ද මෙම සංචාරයට එක්ව සිටියහ.
