අධිකරණ බන්ධනාගාර කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි දූෂණ විරෝධී පනත් කෙටුම්පතට අදාල සංශෝධන ඇතුලත් ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත.
පාර්ලිමේන්තුවේ දී පසුගියදා සම්මත කෙරුණු දූෂණ විරෝධී පනත් කෙටුම්පතේ සඳහන් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව ව්‍යවස්ථාදායක මණ්ඩලය යනාදී වචන වෙනුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව යනුවෙන් ඇතුළත් කෙරෙන බව නව සංශෝධනයට අදාළ එම ගැසට් නිවේදනයේ දැක්වේ.
සම්මත කෙරුණු මෙම පනතේ පවතින අඩුපාඩුව හේතුවෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන නව කොමිෂන් සභාව පිහිටුවීම මේ වන විට අතරමග නතර වි ඇත .
