ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදු කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ අඛණ්ඩව සහාය ලබා දෙන බව ආසියානු සංවර්ධන බැංකුවේ උප සභාපති ශික්ෂින් චෙන් මහතා පවසයි .
IMF සහ ලෝක බැංකු වාර්ෂික සමුළුවට එක්ව සිටින මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ආසියානු සංවර්ධන බැංකුවේ උප සභාපති ශික්ෂින් චෙන් මහතා හමු වු අවස්ථාවේ මේ බව සදහන් කරන ලදී .
දැනට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ වැඩසටහන පිළිබඳව තවත් සාකච්ඡාවක් ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ (IFC) උප සභාපති රිකාඩෝ පුලිටි මහතා සමග ද පැවැත්විය .එහිදී ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සඳහා IFC හි ද අඛණ්ඩ සහය ලබාදෙන බව සහතික වූ බව සේමසිංහ මහතා වැඩි දුරටත් පැවැසීය.
