නසීර් අහමඩ් මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි වීමෙන් පසුව එම පුරප්පාඩුවට පත් කෙරුණු අලි සහීර් මවුලානා මහතා අද(17) පෙරවරුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
අධිකරණ නියෝගයක් අනුව නසීර් අහමඩ් මහතාගේ මන්ත්‍රී ධූරය පසුගියදා අහෝසිවිය. ඒ අනුව ශ්‍රී ලංකා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය මඩකළපු දිස්ත්‍රික් ලැයිස්තුවේ ඊළඟ අපේක්ෂකයා ලෙස සිටි අලි සහීර් මවුලානා පත් කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත .
ඒ සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක්ද එම කොමිසම විසින් පසුගියදා නිකුත් කරනු ලැබීය.
