පොලිස් නිලධාරීන් විසින් සිදුකරනු ලබන නිති වීරෝධි විෂමාචාර ක්‍රියාවන් සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව සිදුකරන පැමිණිලි කිරීමට හැකි බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කරයි .
නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාශය වැඩිදුරටත් පවසන්නේ 118 කෙටි දුරකථන අංකය හරහා එම හදිසි ඇමතුම් ලබා දිය හැකි බවත් ඒම ඇමතුම් මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් පවත්වාගෙන යනු ලබන බවත්ය
118 අංකය හරහා අදාළ තොරතුරු ලබාදීමට දැනුම් දෙන්නාගේ අනන්‍යතාව තහවුරු කිරීමට අවශ්‍ය නොවන බවත් එහි වැඩිදුරටත් සදහන් වේ.
රට තුල සිදුවන විවිධ අපරාධ ,මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු විවිධ විෂමාචාර ක්‍රියාවන් පිළිබඳව තොරතුරු ද එම අංකය හරහා ලබාදිය හැකි බව එම නිවේදනයේ සඳහන් කරයි .
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ ඒ හරහා ලබා දෙන තොරතුරුවල රහස්‍යභාවය සුරක්ෂිත වන බවය.
