ඊශ්‍රායලය හා පලස්තීනය අතර මේ වන විට පවතින දරුණු යුද ගැටුම් අතරතුර පසුගිය 7 වනදා සිදුවු ප්‍රහාරයෙන් පසූව ශ්‍රී ලාංකික කාන්තාවක් අතුරුදහන් වී ඇති බව මීට පෙර වාර්තා වි තිබුණා.

ඒසේ අතුරුදන් වූ ශ්‍රී ලාංකික කාන්තාව අද මියගොස් ඇති බවට එරට පොලිස් දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර අංශයේ බලධාරීන් විසින් තහවුරු කර ඇති බව ඊශ්‍රායෙලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සදහන් කරයි .

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසන්නේ එම කාන්තාව හමාස් සටන් කරුවන් අතින් ඝාතනය වී ඇති බවට එරට බලධාරීන් විසින් තහවුරු කර ඇති බවයි .

මෙලෙස මියගොස් ඇත්තේ කැලණිය ඊරියවැටිය ප්‍රදේශයේ පදිංචි අනුලා ජයතිලක නමැති කාන්තාවක් වන අතර ඇයගේ දේහය දින දෙකක් තුළ ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත ලැබීමට නියමිත බව සදහන් .

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page