කොළඹ ජාතික රෝහලේ හෙදියන් 370 දෙනකු මේ වන විට විදේශගත වි ඇති බැවින් ජාතික රෝහලේ හෙද හිඟයක් පවතින බව වාර්තා වේ.
මේ වන විට හෙද කාර්ය මණ්ඩලය සියයට 12 කින් පමණ අඩු වී ඇති බවත් රෝහලේ විවිධ ඒකක ඉදිරියට පවත්වාගෙන යාමේ අසීරුතාවයකට මුහුණ දි ඇති බවත් වැඩිදුරටත් සදහන් .
මේ වන විට ජාතික රෝහලේ සේවය කරන්නේ 2400 ක පමණ හෙද කාර්ය මණ්ඩලයක් බවත් දැඩි සත්කාර ඒකකය තුළ එක් ඇඳකට එක් හෙද නිලධාරිනියක් සිටිය යුතු බව සාමාන්‍ය නිර්ණායකය වුවත් මේ වනවිට ඇඳවල් දෙකකට එක් හෙද නිලධාරිනියක් සිටින තත්ත්වයකට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකය පත්වෙමින් යන බවත් සදහන්
ඉදිරි වසරේ දී විශාල හෙද පිරිසක් මෙරටින් පිටත්ව යාමට නියමිතව ඇති බැවින් හෙද හිඟය ඉදිරියේ දි මිට වඩා බරපතල විය හැකි බව වාර්තා කරයි .
