පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ප්‍රභූ ආරක්ෂක පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ගිනි අවී දෙක වහාම රජයේ රසපරීක්ෂක වෙත යොමු කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත .
පසුගිය දා මන්ත්‍රීවරයා ගමන්ගත් වාහනයට වෙඩි ප්‍රහාරයක් එල්ල වීම සම්බන්ධ පැමිණිල්ලට අදාළව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැක්වූ කරුණු සැලකිල්ලට ගැනීමෙන් අනතුරුවයි .
එහිදී මන්ත්‍රීවරයාගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ගිනිඅවිවලින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇතිද යන්න අනාවරණය කරගැනීම සඳහා එම පිස්තෝල රසපරීක්ෂක වෙත යොමුකර එහි වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.
