පාර්ලිමේන්තුවේ දි සමගි ජනබලවේග මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා පහරදුන් බව පවසමින් ප්‍රහාරයට ලක් වු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ වැලිකඩ පොලීසියට පැමිණිල්ලක් කිරීමෙන් අනතුරුව රෝහල් ගත වී ඇත .

අද දහවල් පාර්ලිමේන්තු පුස්තකාලය අසලදි රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ හා සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර අතර ඇති වු උණුසුම් වචන හුවමාරුවෙන් පසු ඒම ස්ථානයට පැමිණි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා තාමාට පහර දුන් බව ඩයනා ගමගේ සදහන් කරයි .

ප්‍රහාරයට ලක් වූ ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍ය තුමිය වැලිකඩ පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව ශ්‍රී ජයවර්ධන රෝහලට මේ වන විට ඇතුලත් කර ඇති බව වාර්තා වේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page