මහ කන්නයේ අක්කර 40,000 කට බඩ ඉරිඟු බීජ නොමිලයේ ගොවීන් වෙත බෙදා දීම අද සිට ඇරඹන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කරයි .
ඒ අනුව හම්බන්තොට, අනුරාධපුර හා මොණරාගල දිස්ත්‍රික්ක තුනේ අක්කර 40,000 ක බඩ ඉරිඟු වගා කිරීම සඳහා අවශ්‍ය දෙමුහුන් බඩ ඉරිඟු බීජ නොමිලයේ ලබා දෙන බව අමාත්‍යාංශය සදහන් කරයි .
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවීන් 10,000 කට හා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන් 14,000 කට ඉදිරි දින කිහිපය ඇතුලත බඩඉරිඟු බීජ දෙන බව SAPP ව්‍යාපෘතිය පවසයි.
ඒ අනුව IFAD හෙවත් කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන අන්තර්ජාතික අරමුදල විසින් ලබා දෙන මුල්‍ය ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 360ක වියදමින් තායිලන්තයෙන් ආනයනය කරන ලද උසස් තත්ත්වයේ දෙමුහුම් බඩඉරිඟු විශේෂයක් වන පැසිපික් ප්‍රභේදය ගොවීන්ට නොමිලයේ ලබා දීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
