කර්මාන්ත ශාලා සහ සේවා ස්ථාන 2000 ට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට වැසී යෑම හේතුවෙන් පන්ලක්ෂ තිස් තුන් දහස් අටසිය පනස් අටකට 533858 පසුගිය වසරේදී රැකියා අහිමිවී ඇතැයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු වාර්තා ඇතුළු විවිධ තොරතුරු වාර්තාවල සදහන් බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසයි .

ඒලෙස රැකියා අහිමි වූ පිරිස අතරින් කර්මාන්ත අංශයේ 396,159 දෙනෙක් හා සේවා අංශයේ 137,699 දෙනෙක්ද ඇතුළත් බව සදහන් කරයි .

මෙලෙස ආයතන බහුතරයක් වැසී ගොස් ඇත්තේ අමුද්‍රව්‍යවල අධික මිල , විදුලි ගාස්තු සහ ඉන්ධන මිල ඉහළ යෑම යනාදී හේතු නිසා ඒවා පවත්වා ගන යාම දුෂ්කර වු බැවින් බව සදහන් .

මේ අතර පසුගිය වසරේදී පුද්ගලයන්ගේ වැඩ කරන පැය ගණනද සැලකිය යුතු ලෙස අඩු වී ඇතැයි එම වාර්තාවල දැක්වෙන බව මහාචාර්යවරයා කීවේය.

පසුගිය වසරේ පළමු කාර්තුව තුළ සේවා නියුක්ත පිරිසෙන් සියයට 66.1 ක් පැය 40 හෝ ඊට වඩා වැඩි පැය ගණනක් වැඩ කර ඇති නමුත් එම වර්ෂයේ හතරවැනි කාර්තුවේදී පැය 40 හා ඊට වඩා වැඩියෙන් වැඩ කළ ප්‍රමාණය සියයට 61.7 ක් දක්වා අඩුවී ඇති බවද වසන්ත අතුකෝරළ මහතා කීවේය.

මේ අතර එම වර්ෂයේදී ශ්‍රම බලකා සහභාගිත්ව අනුපාතය (ශ්‍රම බලකායට සහභාගීවන ප්‍රමාණය) සියයට51.2 සිට සියයට 48.9 ක් දක්වා අඩුවී ඇතැයි පෙන්වා දෙන මහාචාර්යවරයා වයස අවුරුදු 20-29 අතර තරුණ පිරිස්වල රැකියා නැතිකම (සේවා වියුක්තිය) සියයට 14.2 සිට සියයට 17.2 දක්වා වැඩිවී ඇතැයිද එම වාර්තාවල දැක්වෙන බව සඳහන් කළේය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page