අයහපත් කාලගුණය හා පවතින අධික වර්ෂාව හේතුවෙන් බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ.

වර්ෂා ජලයත් සමග ප්‍රධාන මාර්ගයේ මඩ පතිතවිම නිසා කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ ගමනාගමන අවහිරතා ඇති වී ඇත

ඒසේම බණ්ඩාරවෙල ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් රාවනා ඇල්ලේ ජලය ද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.

අධික වර්ෂාව හේතුවෙන් දියඇලි ආශ්‍රිත ව ජලය අසාමාන්‍ය ලෙස ඉහළ යාමේ අවදානමක් පවතින බව ද දිස්ත්‍රික් ලේකම්වරයා සදහන් කරන අතර දිස්ත්‍රික්කයේ දියඇලි ආශ්‍රිත ව දියනෑමෙන් වැළකී සිටින ලෙස ද දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත .

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page