මත්පැන් නිෂ්පාදන සාමාගම් විසින් රජයට ගෙවීමට ඇති සියලු හිඟ මුදල් ඔක්තෝබර් මස අවසානයට පෙර ගෙවා දමන ලෙස ඒම සමාගම් වෙත අවසන් නිවේදනය ලබා දුන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
තව දුරටත් මධ්‍යසාර සමාගම් වෙත බදු සහන ලබා දෙනවා ද යනුවෙන් පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායකවරයා විසින් කරන ලද චෝදනාවකට පිළිතුරු දෙමිනි රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කර ඇත .
අමාත්‍යවරයා සඳහන් කළේ වසර 10ක පමණ සිට ගෙවා දැමීමට ඇති හිඟ බදු පවා මේ යටතේ අයකර ගැනීමට නියමිත බවයි.
එසේ නොමැතිව කිසිදු පාර්ශ්වයකට බදු සහන ලබා දීමේ කිසිදු සූදානමක් නොමැති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කලා.
මෙරට මත්පැන් නිෂ්පාදන සාමාගම් රුපියල් ලක්ෂ 63,000 ක් (බිලියන 6.3 ) ක් මේ වනවිට රජයට බදු හා හිග මුදල් වශයෙන් ගෙවිය යුතුව ඇත.
