ඉදිරි ජනාධිපතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා පමණක් ඉදිරිපත් වුවහොත් ජනපතිවරණයට වැයවෙන බිලියන 13 ක මුදල විදුලි ගාස්තු අඩු කිරීම සඳහා යොදා ගැනීමට හැකි බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි .
තමන්ට රට ගොඩනැගීමට නොහැකි වන බව දන්නා ජනපතිවරණය සඳහා ඉදිරිපත් වන සෙසු පුද්ගලයින් කළ යුත්තේ රට ගැන සිතා ඉදිරි ජනාධිපතිවරණයට නාමයෝජනා බාරදී නොදී සිටීම බව අබේවර්ධන මහතා වැඩිදුරටත් සදහන් කරා.
ජනාධිපතිවරණයට රුපියල් බිලියන 13 ක් පමණ වැය වන බවත් එක ඉල්ලුම් පත්‍රයක් පමණක් ඉදිරි වුවහොත් ජාතික එකඟතාවකින්. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහගේ ඉල්ලුම් පත්‍රය පමණක් ඉදිරිපත් වුණොත් ඒ යන බිලියන 13 ම ඉතුරු බව ඔහු සදහන් කලා.
ඒසේ සිදු වුවහොත් විදුලි බිල අඩු කරන්න ඒම මුදල් යොදා ගන්න පුළුවන් පුලුවන් බව මන්ත්‍රීවරයා තවදුරටත් ප්‍රකාශ කලා
