ප්‍රභූ සෞඛ්‍ය ආරක්ෂණ කටයුතු සදහා යොදවා තිබුන ජංගම ගිලන් රථ සේවාවලින් ඉවත්වීමට තීරණය ගත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි .
ඒ අනුව නොවැම්බර් මස 01වැනිදා සිට එම ඉවත්වීම සිදුකරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා මාධ්‍ය වෙත කරුණු දක්වමින් පැවසුවේ.
ජනාධිපතිවරයා,අගමැතිවරයා,විපක්ෂ නායක ඇතුලු ප්‍රභවරුන් වෙනුවෙන් ඇති මෙම සේවාව ඉදිරියේදී වසාදැමීමට නියමිත අතර එය අදියර කිහිපයක් යටතේ සිදුකිරීමටද නියමිත බව අලුත්ගේ මහතා පවසයි .
නොවැම්බර් පළමුවැනිදා සිට ඕනම මොහොතක පළාත් මට්ටමින් වැඩ වර්ජන සිදුකිරීමටද තීරණයක් ගෙන ඇති අතර ආර්ථික යුක්තිය ඉටුකරන්නේ නැත්නම් දීප ව්‍යාප්ත වර්ජනයක් දක්වා යාමට සූදානම් බවද ඔහු අවධාරණය කරයි .
”අපේ සෞඛ්‍ය ප්‍රශ්නය පිළිබද සටන යම් තැනකට ගෙනාවා. නිදහස් සෞඛ්‍ය කඩා වැටුනොත් ගමේ අයටයි ප්‍රශ්නේ. බලධාරීන් අවංක නම් අපි පෙන්වලා දෙන විසදුම් ඉෂ්ට කරලා සෞඛ්‍ය ආරක්ෂා කරන්න. මධ්‍යම කාරක සභාව තීරණය කළා පියවර 5ක්. ඒ අනුව නොවැම්බර් මාසය තීරණාත්මක මාසයක් වෙනවා.” යනුවෙන් අලුත්ගේ මහතා පැවසුවේය.
